(රොමේෂ් මධුෂංඛ)
වව්නියාව පූවර්ෂන්කුලම් ඇතුලු ගම්මාන කිහිපයක ප්‍රධාන මාර්ග හා අතුරු මාර්ග වසර කිහිපයකින් පිළිසකර නොකිරීම් නිසා ගමනාගමන කටයුතු වලට දැඩි බාධා එල්ල වී ඇතැයි ප්‍රදේශවාසිහු පිරිසක් අද (2) විරෝධතාවක නිරත වූහ.
යුද්දය පැවති සමයේ අදාල ගම්මාන දැඩි සේ අබලන් වූ අතර යුද්දයෙන් පසුව අවට ගම්මාන වල මාර්ග පිළිසකර කරනු ලැබුවද පූවර්ෂන්කුලම් ඇතුලු ගම්මාන කිහිපයක ප්‍රධාන මාර්ග මෙතෙක් පිළිසක නොකිරීමට විරෝධය පා ගම්වාසීන් පිරිසක් වව්නියාව මන්නාරම ප්‍රධාන මාර්ගයට පැමිණ මෙසේ විරෝධතාවක නිරත වූහ.
විරෝධතාකරුවන් මන්නාරම් වව්නියාව ප්‍රධාන මාර්ගයට පැමිණීම නිසාවෙන් මාර්ගයේ රථවාහන ගමානාගමනයටද මද වේලාවක් බාධා සිදු විය.



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.