වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට(12) සිට දිනකට පැය 9 බැගින් ජල සැපයුම සීමාකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
වවුනියාව නගරය, තේක්කවත්ත, මඩුකන්ද, අම්බලන්ගොඩැල්ල, වයිරවපුලියන්කුලම්, රම්බයිකුලම්, තෝනිකල්, කොච්චිකුලම් සහ ඉලුපායිකුලම් යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවයි.
ඒ අනුව පෙ.ව. 5.00 සිට පෙ.ව.9.00 දක්වාද, ප.ව.4.00 සිට ප.ව.9.00 දක්වාද වශයෙන් ජල සැපයුම සීමාකරන බව එම නිලධාරීහු කියති.
වවුනියාව දිස්ත්‍රික්කයේ ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත බැස තිබීම හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
(16844)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd