රොමේෂ් මධූෂංඛ
මෙතෙක් කාලයක් දෙමළ ජාතක සන්ධානයට බලය හිමිව තිබූ වව්නියාව නගර සභාවේ බලය පිහිටුවීමට දෙමළ ජාතික විමුක්තිකාමී පක්ෂය අද සමත්විය.
වව්නියාව නගරසභා පළමු සසි වාරය අද (16) ආරම්භ වූ අවස්ථාවේදී නගරසභවේ සභාපති වශයෙන් දෙමළ ජාතික විමුක්තිකාමී පක්ෂයේ රාසලිංගම් ගෞතම් මහතාගේ නම ද, දෙමළ ජාතික සන්ධානයෙන් එන් සේනාධිරාජා මහතගේ නම ද යෝජනා විය. දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයා ඡන්ද නවයක් ලබා ගනිද්දී දෙමළ ජාතික විමුක්තිකාමි පක්ෂයේ මන්ත්‍රීවරයා ඡන්ද 11ක් ලබා ගැනීමින් සභාපති ධුරයට තේරී පත් විය.
දෙමළ ජාතික විමුක්තිකාමී පක්ෂය, එක්සත් ජාතික පක්ෂය ,ශ්‍රීලංකා නිදහස් පක්ෂය හා ඊ.පී.ඩී.පී පක්ෂය රාසලිංගම් ගෞතම් මහතාට ඡන්දය ප්‍රකාශ කළ අතර එන්.සේනාධිරාජා මහතාට සහය ලැබී තිබුණේ දෙමළ ජාතික සන්ධානයෙන් පමණි.
දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වූ කණ්ඩායම් කිහිපයක් එක්ව දෙමළ ජාතික විමුක්තිකාමී පක්ෂය පිහිටුවාගෙන තිබේ.
උතුරු පළාත් පාලන කොමසාරිස් පැට්‍රික් ඩිරන්ජන් මහතාගේ ප්‍රධානත්වයෙන් පළමු නගරසභා සැසිවාරය පැවතිවිණි. නගර සභාපතිවරයා තෝරා පත් කර ගත් අවස්ථාවේ මන්ත්‍රීවරු අතර උණුසුම් වචන හුවමාරවක් සිදු විය.
2025 දෙසැම්බර් මස 18
585
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වවුනියාව නගර සභාවේ බලය දෙමළ සන්ධානයෙන් ගිලිහෙයි