සිතුම් චතුරංග
වවුනියාව සාලම්බපුරම් හි කසල එක්රැස් කරන මධ්‍යස්ථානය වෙත කසල බැහැර කිරීමට ප‍්‍රදේශවාසීන් පිරිසක් ඉඩ ලබානොදීම හේතුවෙන් එයට විරෝධය පලකරමින් වවුනියාව නගර සභා සේවකයින් හා මන්ත‍්‍රීවරුන් අද (29) සිට යාපනය නුවර ඒ නවය මාර්ගය අවහිර කර විරෝධතාවක නිරතවූහ.
වවුනියාව දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට ඒ නවය මාර්ගයට කසල පැටවූ ට‍්‍රැක්ටර් රථ ලොරි රථ රැගෙන විත් මාර්ගය අවහිර කර විරෝධතාවයේ යෙදුණහ. මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධා ඇතිවිය.
වවුනියාව නගර සභා බල ප‍්‍රදේශයේ, වවුනියාව දකුණ දෙමළ ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ මහජනතාව විසින් ඉවත් කරන කසල වසර 25 අධික කාලයක් සාලම්බපුරම් හි ස්ථානයක් වෙත බැහැරකිරීම් සිදු කළද ප‍්‍රදේශයේ ප‍්‍රබල කැබිනට් අමාත්‍යවරයකු අත්තනෝමතික ලෙස එම ස්ථානය අත්පත් කර නිවාස සෑදිම හේතුවෙන් එකතුවන කසල ඉවත් කිරීමට නොහැකිවී ඇති බව ඔවුහු පවසති.
විරෝධතාවය සඳහා නගර සභා නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ වවුනියාව දකුණ දෙමළ ප‍්‍රාදේශීය සභා නිලධාරීන් ද එක්ව සිටියහ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
වවුනියාව නගර සබේ සේවකයන් ඇතුළු මන්ත්‍රීවරුන් විරෝධයක