IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වල් අලි රංචුවක් කොට්ටුකච්චියේ කුඹුරු යායක් වනසති

(හිරාන් ප්‍රියංකර ජයසිංහ) 
 
ආණමඩුව කොට්ටුකච්චිය කොට්ටුකච්චිය ව්‍යාපාරයේ වම් සහ දකුණු ඉවුරු යටතේ ඇති කුඹුරු යායක් වෙත දින දෙකක් තුළ කඩා වැදී ඇති තිහකට ආසන්න වල් අලි රංචුවක් මසකට ආසන්න පැල ගොයම වනසමින් සැරිසැරිමත් සමඟ ගොවීහු දැඩි අසිරුතාවයකට පත්ව තිබේ.
 
 මේ පිළිබඳව අදහස් දැක්වූ පී.ටි. සරත් කුමාර ගොවි මහතා මෙසේ පැවැසීය. 
 
      “අපි කන්න හයකට ආසන්න කාලයක් නියගයෙන් පිඩා විදිමින් ඉදලා පසුගිය යල කන්නයේ තමා ගොවිතැන් නැවත ආරම්භ කළේ . මේ මහ කන්නයේ කොට්ටුකච්චිය ව්‍යාපාරයේ වම සහ දකුණ කලාප වල අක්කර 1200ක් විතර වගා කරලා තියෙනවා. නමුත් මේ වන විට වල් අලි කඩා වැදීම හේතුවෙන් ගොවින් අසරණ වෙලා.නැවත ඒ ගොයම හදා ගන්න පුදුම වෙහෙසක් ගන්න වෙනවා යැයි ඔහු පැවසීය. 
 
 මේ පිළිබඳව අප කළ විමසීමේදී පුත්තලම වන ජීවි පාලන එකකයේ ප්‍රධානී වන සත්ත්ව අඩවි ආරක්ෂක ඩබ්.එම්.කේ.බණ්ඩාර මහතා මෙසේ පැවැසීය.
 
     “මේ දිනවල වල් අලි රංචු පිටින් ගම්මාන සහ කුඹුරු යායවල් වෙත කඩා වැදිම් වැඩි වෙලා තිබෙනවා . අපි අපේ කණ්ඩායම් යොදලා උපරිම ලෙස වල් අලි පලවා හැරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. නමුත් සමහර අවස්ථාවල  එම පලවා හැරිම් සාර්ථක වෙන්නේ පලවා හරින වල් අලි රංචු නැවත හැරි එමේන්. මොකද අපිට ඉන්න කණ්ඩායම සීමිත නිසා එක පැත්තක්ම බලන්න අපහසුයි නමුත් අපේ සේවය උපරිම ලබා දෙන්න උත්සහ කරනවා‘‘ යැයි ඔහු පැවසිය. 



අදහස් (0)

වල් අලි රංචුවක් කොට්ටුකච්චියේ කුඹුරු යායක් වනසති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site