(උපාලි රණවීර , තිලකරත්න දිසානායක සහ චතුරංග චන්ද්‍රසේකර )
ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉඹුල්ගොඩ, ඇඹරලුව, බටහිර වැලිවේරිය ඇතුළු ප්‍රදේශ රැසක් හරහා අද (05) වර්ෂාවත් සමඟ හමාගිය දැඩි සුළගක් හේතුවෙන් ගස් කඩා වැටීමෙන් නිවාස රැසකට අලාභහානි සිදුවී ඇත.
ඉහළ ඉඹුල්ගොඩ, පහළ ඉඹුල්ගොඩ, රාජසිංහ මාවත, ගල්ලොලුව, කුරුදුගහවත්ත, හික්ගහමුල, අඩසියවස්ගම ආදී ප්‍රදේශවල නිවාස 50කට පමණ දැඩි අලාභහානි සිදුව ඇති අතර නිවාස 150 කට පමණ සුලු අලාභ හානිද සිදුව ඇත.
මේ හේතුවෙන් වැලිවේරිය අවට ප්‍රදේශ ගණනාවක විදුලි රැහැන් මතට ගස් කඩා වැටීමෙන් ප්‍රදේශයේ විදුලියද ඇණ හිට ඇති අතර දුරකථන රැහැන් රැසකටද අලාභහානි සිදුව ඇත.
ආපදාවට ලක්වූ පිරිස් වෙත සහන සැලසීම සඳහා අවශ්‍ය කටයුතු සොයා බැලීමට ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතාගේ උපදෙස් මත ගම්පහ ප්‍රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක මහත්මිය , සහකාර දිසාපති ප්‍රසාද් ඉන්දික මහතා සහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ අජිත් නිශාන්ත මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් පැමිණ සිටියහ.



2025 නොවැම්බර් මස 04
380
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2167
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1646
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වැලිවේරියට හමා ගිය සුළගින් නිවාස රැසකට හානි