(ඩී.ජී.සුගතපාල)
නීති විරෝධි ලෙස කොට්ටව රක්ෂිතයේ වල්ලපට්ටා කපන ලද පුද්ගලයින් තිදෙනෙකුට ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් අසංගා හෙට්ටිවත්ත මෙනවිය එක් අයෙකුට රුපියල් එක්ලක්ෂ පනස් අට දහස් පන්සිය බැගින් රුපියල් හාරලක්ෂ හැත්තෑපන් දහසක දඩ නියම කොට අත් අඩංගුවට ගන්නා ලද වල්ලපට්ටා තොගය සහ ඒවා කැපීමට යොදාගත් ආයුධ රාජසන්තක කිරීමට නියෝග කළාය.
මෙසේ දඬ නියමවුයේ කොට්ටව ප්‍රදේශයේ පුද්ගලයෙකුට සහ කලවාන ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකුටය.
විත්තිකරුවන් කොට්ටව රක්ෂිතයේ මූකලාන කොටසේ වල්පට්ට කපමින් සිටියදී ලැබුණ තොරතුරක් අනුව වන නිලධාරීන් විසින් එම ස්ථානය වටලා සැකකරුවන් සමඟ වල්ල පට්ටා තොගය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා ලද වල්ල පට්ටාවල වටිනාකමින් යුත් රෙසින කොටස් තිබූ අතර ඒවා රත්නපුර ප්‍රදේශයට ප්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබිණ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
වල්ලපට්ටා කැපූ තිදෙනෙකුට දඩ