වෙරෝනා නුවර වෙන්නප්පු ජෝසප් වාස් ආදි ශිෂ්‍ය සංගමය විසින් දෙවන වරටත් පැවැත්වූ වාර්ෂික සුහද හමුව වෙරෝනා හොටෙල් යුරෝපාහිදී පසුගියදා පැවැත්විණි.
මෙම අවස්තාව සදහා උඩවලවේ ඥානානන්ද හිමියන් ඇන්ටන් රන්ජිත් පියතුමන් සමග ප්‍රථම රණවිරු රියල්ස්ටාර් ලෙස කිරුළු පාලන කපිතාන් ඩේමියන් ප්‍රනාන්දු වෙන්නප්පු ප්‍රාදේශීය සභාවේ සභාපති වික්ටර් සුසන්ත යන මහත්වරුන් ප්‍රධාන ආරාධිතයින් ලෙස එක්වුහ.
ජෝසප් වාස් විද්‍යාලයේ ආදි සිසුන් වන ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ජෝයි පෙරේරා ෂෙහාන් මදුප ප්‍රනාන්දු ක්‍රීඩකයින් සදහා වර්ණ ප්‍රධාන කිරීමත් වසර 12ක් පුරාවට වෙරෝනා ශ්‍රී ලාංකික දු දරුවන්ට සිංහල භාෂාව ඉගැන්වීම සදහා මහගු කාර්යක් ඉටු කරන ප්‍රගති පාසලේ විදුහල්පති ලීලාරත්න මල්ලවාරච්චි මහතා ඇගයීමද මෙහිදී සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd