පුෂ්පකුමාර ජයරත්න
මින් ඉදිරියට වයඹ පළාත් සභාව මගින් උපාධිධාරීන්ට පත්වීම් ලබාදීමේදී දහම් පාසල් අවසාන විභාග සහතිකයට ලකුණු 10ක් ප්‍රදානය කරමින් දහම් අධ්‍යාපනය පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්වීමට වයඹ පළාත් සභාව තීරණය කර ඇත.
වයඹ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතාගේ යෝජනාවකට අනුව මෙම තීරණය ක්‍රියාත්මක කෙරේ.
දහම් අධ්‍යාපනය නඟා සිටුවීමේ අරමුණෙන් මෙම තීරණය ගෙන ඇති අතර, බෞද්ධ දහම් අධ්‍යාපනයේ අවසාන ධර්මාචාර්ය විභාග හා සමානව කතෝලික, හිංදු සහ ස්ලාම් ආගම්වලද පිළිගත් උසස්ම දහම් අධ්‍යාපන සහතික ලකුණු දීමේදී සැලකිල්ලට ගනු ඇති බව ද ආරංචි මාර්ග කියයි.
COMMENTS
එහෙනම් දැන් දහම් පාසල් අවසාන විභාගයටත් ටියුෂන් පන්ති පටන් ගනී!
දහම් පාසලේ ඉගෙන ගත්ත විදියට ජීවත් වෙන සහ කටයුතු කරන අය ඉන්නේ කීයෙන් කී දෙනාද?