(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
එකම අංකය සහිත රුපියල් දහසේ ව්‍යජ මුදල් නෝට්ටු හතරක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරු නොවැම්බර් 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (28) දා නියෝග කළේය.
සෙවනගල, වීරමණ්ඩිය ප්‍රදේශයේ පදිංචි (38) හැවිරිදි පුද්ගලයකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර කෙරිණි.
බලන්ගොඩ නගරයේ පිහිටි සතොස වෙළඳසැල පැමිණි එම පුද්ගලයා භාණ්ඩ මිලදිගෙන ඒ සදහා රුපියල් දහසක මුදල් නෝට්ටුවක් ලබා දි ඇත. ඒ පිළිබව සැක සිතු සතොස වෙළෙසැල කළමණාකාරු ඒ පිළිබව පොලීසිය දැනුම්දී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd