(මොහොමඩ් ආසික්)
වල් ඌරන් ඉත්තෑවුන් වැනි වන සතුන්ගෙන් වගාවන්ට සිදු වන හානි වැළැක්වීම සදහා අඩු වෝල්ටීයතාවයකින් යුත් විදුලි වැටක් හදුන්වාදීමට මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මධ්‍යම පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ප්‍රසන්න පල්ලේමුල්ල මහතා සදහන් කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය වෙනුවෙන් පළාතේ වගා හානි අවම කර ගැනීම සදහා මෙම විදුලි වැට ක්‍රමය වඩාත් පළල්ව ක්‍රියාත්මක කරන බවයි.
මෙයට අමතරව වගා හානි වැළැක්වීම සදහා ගැල්වනයිස් වැට ආවරණයක් ලබා දෙන බවත් රිළවුන් සහ දඩු ලේනුන්ගෙන් හානි වළක්වා ගැනීම සදහා වායු රයිෆල් ලබා දෙන බවද පළාත් අධ්‍යක්ෂවරයා තව දුරටත් කීය.
COMMENTS
දඬු ලේණුන් මැරීමට වායු රයිෆල්? කෝ සත්ව අයිතීන් සුරකින සංවිධාන? කෝ වනජීවී නිලධාරීන්? මොකද්ද රටේ මේ නීතිය?
ඉතා වටිනා වැඩක්
මේක වැඩිය කතා නොවෙන නමුත් බරපතල ගැටළුවක් මේ රටේ පස් අස්වනු හානිය 40% විතර (ආසන්නව ) සතුන් ගෙන් වන වගා හානිය 20% විතර ඉතින් අපට ඇත්තටම මොනවද ඉතුරුවෙන්නේ මේ සත්තුන්ටත් ජීවත් වෙන්න අයිතියක් තියනවා ඒ වගේම අපි වවන දේවල් කන්න බොන්නත් අපට ඊට වඩා අයිතියක් තියනවා මේ දෙකම "බැලන්ස් " කරන ප්‍රතිපත්තියක ට යන්න දැනටමත් අපි පරක්කුයි