(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බේරුවල චීන කොටුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී තීරු බදු රහිතව මෙරටට ආනයනය කරන ලද දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙක් අද (28) අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.
මෙම පුද්ගලයා සන්තකයේ තිබී දුම්වැටි 11,400 පොලිසිය භාරයට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකා හොරණ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව බේරුවල පොලිසිය හා ඒකාබද්ධව මෙම වැටලීම සිදුකළ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු හරි හරි 32 පුද්ගලයෙක් වන අතර කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
පොලිස් විශේෂ කාර්ය බලකා හොරණ කඳවුරේ නිලධාරීන් සමග වැටලීම සිදු කරනු ලැබූවේ උප පොලිස් පරීක්ෂක චතුරංග හා පොලිස් සැරයන් ජගත් යන නිලධාරීන්ය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
විදේශ දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට