(දයාරත්න ඇඹෝගම)
නොච්චියාගම කටුපත්වැව ප්‍රදේශයේ පොල් ඉඩමක් වටා ඉදිකර තිබු අලි වැටක විදුලි සැර වැදීමෙන් මිය ගොස් සිටි වයස අවුරුදු 15 ක පමණ වන අලියකු පෙරේදා සොයා ගත් බව කටුපත්වැව බීට්ටු වනජීවී නිලධාරිහු පැවසුහ.
මෙම වන අලියාගේ මරණය සම්බන්ධයෙන් පොල් වත්තේ හිමිකරු සහ මුරකරු වනජිවි දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඔවුන් එම ප්‍රදේශයේම පදිංචිකරුවෝ වෙති.
පොල් ඉඩම වටා සුර්ය බලෙයන් ක්‍රියාත්මක විදුලි වැටක් ඉදිකර ඇති බවත් ඉඩම බලා ගැනීමට සිටින පුද්ගලයා විසින් අතපසුවීමකින් ඊට පෙර දින රාත්‍රී ඒකලා විදුලි පද්ධතියට විදුලි වැටෙහි වයරය සවිකර ඇති බව වනජීවි නිළධාරීන් විසින් සිදුකළ මුලික පරික්ෂණයේ දී අනාවරණය වී තිබේ.
සැකකරැවන් අද (17) තඹුතෙත්ගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd