(රවී ලියනගේ)
තමන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩිකරන ලෙස ඉල්ලා උඩුගම නාකියාදෙණිය වතු කර්මාන්ත ශාලාවක සේවකයෝ පස් දෙනෙකු අද (06) අදාළ කම්හල ඉදිරිපිට පිහිටි ගසක් මත නැගී විරෝධතාවයක නිරතවුහ.
මෙම වතුයායේ සේවක සේවිකාවන් 1300ක් පමණ සේවය කරන අතර තමන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා ඉහළ නංවන ලෙස ඉල්ලා ඔවුන් වැඩ වර්ජනය කරන්නේ ඉකුත් 25 වැනිදා සිටය.
කෙසේ වෙතත් මෙම වැඩ වර්ජනය සම්බන්ධයෙන් වතුයායේ බලධාරීන් නිසි විසඳුමක් ලබානොදීම හේතුවෙන් වතුයාය ආසනන්යේ තිබූ දැවැන්ත මාර ගසක් මත කම්කරුවෝ පස් දෙනෙක් නැගී උද්ඝෝෂණයේ නිරත වූහ.
මෙම ස්ථානයට පැමිණි වරාය හා නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා උද්ඝෝෂකයින් සමඟ සාකච්ඡා කරනු ලැබූවද තමන්ට පාලනාධිකාරිය විසින් ලිඛිතව වැටුප් වැඩි කරන බවට පොරොන්දුවක් ලබාදෙන තුරු විරෝධතාවය අත් නොහරින බව ඔවහු පැවැසූහ.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
වතු සේවකයෝ පිරිසක් ගසක් මත නැගී විරෝධතාවයක