(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
වතුකර ජනතාවගේ ජන ජීවිතය නංවාලීමට ඉවහල්වන විශේෂ පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවේදී අද (19) සංශෝධන සහිතව සම්මත විය.
වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය පනත් කෙටුම්පත හා ප්‍රාදේශීය සභා (සංශෝධන) පනත් කෙටුම්පත එම පනත් දෙක වේ.
නව ගම්මාන සංවර්ධන අධිකාරි පනත මගින් වතුකරේ ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකිරීම හා නව ගම්මාන ඇති කිරීම වෙනුවෙන් අවශ්‍ය බලතල සැපයීම කෙරෙන අතර ප්‍රාදේශීය සභා පනත් කෙටුම්පතෙන් කෙරෙන්නේ යම් යම් ඉදිකිරිම් වලදී ඇතිවන නීතිමය බාධාවන් මග හැරවීමයි.
නව ගම්මාන පනත් කෙටුම්පත කඳුරට නව ගම්මාන ඇමැති පී.දිගම්බරන් මහතා විසින් ඉදිරිපත් කරන ලදී. ප්‍රාදේශීය සභා පනත් කෙටුම්පත ඉදිරිපත් කරනු ලැබුවේ පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා විසිනි.
විවාදය පැය පහකට වඩා වැඩි කාලයක් පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම පනත පොල් , රබර් , කුරුඳු , සහ අනෙකුත් වගාවන්වල යෙදෙන ජනතාවටත් බලපානවද? හේන් වගා කරන දුප්පත් ගොවියන්ගේ තත්වය කුමක්ද?