(සේනක බණ්ඩාර)
මීගලෑව දළුපොතගම කැළයක් තුළදී වෙඩි වැදී වැටී සිටි අඟමුවකු සොයාගත් බව මීගලෑව වනජීවී කාර්යාලයේ වනසත්ත්ව අඩවි ආරක්ෂක නිලධාරිවරයා පවසයි.
දඩයක්කරුවකු විසින් ගිනිඅවියකින් වෙඩිතබා වැටී සිටි මුවා, බල්ලන් සපාකන බවට අසල්වැසියකුගෙන් කළ දැනුම් දීමක් අනුව වනජීවී නිලධාරීන් පැමිණ ප්‍රතිකාර කිරීම සඳහා නිකවැරටිය පශු වෛද්‍ය කාර්යාලයට රැගෙන යමින් තිබියදී මුවා මියගිය බව ඔහු පැවසීය.
වයස අවුරුදු 13 ක් වන අඟමුවාගේ ශරීරයේ ස්ථාන කිහිපයකම වෙඩි වැදුණු සළකුණු තිබූ බවත් මියගිය අඟමුවාගේ සිරුරට භූමිතෙල් දමා වනජීවී කාර්යාල භූමියේ වළ දැමූ බව වනසත්ත්ව අඩවි ආරක්ෂක නිලධාරිවරයා කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd