IMG-LOGO

ලන්ඩනයේත් මිස්සක පව්වක්

පොසොන් පොහොය නිමිත්තෙන් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථාන සියල්ලගේම විශේෂ පින්කම් මාලාවක් පවත්වනු ලැබිය. පොසොන් පොහොය දිනය ඉරිදා දිනයක් වු නිසා මේ සියලුම පින්කම් සඳහා විශාල බැතිමත්හු පිරිසක්  සහභාගි වී සිටියහ.

ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ පොසොන් පිංකම ආරම්භ කෙරුණේ තවලම බන්දුල හිමියන් විසින් අෂ්ඨාංග උපෝෂිත ශීලය සමාදන් වූ දෙසීයකට වැඩි පිරිසක් අටසිල්හි ද අනෙකුත් සැදැහැවතුන් පන්සිල්හි ද පිහිටුවිමෙනි. බුද්ධ වන්දනාවෙන් අනතුරුව කළුගමුවේ කස්සප හිමියන් විසින් භාවනා පුහුණුවක් මෙහෙයවනු ලැබිය.

අනු බුදුහිමියන් ශ්‍රී ලංකාවට වැඩම කරවීම තුළින් අප රටේ ඇතිවූ සමාජ සහ සංස්කෘතික විපර්යාසයත් විස්තර කල ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා දවස පුරාම පැවැත්විණි.

පිංකම අවසන් වුයේ ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ රාහුල දහම් පාසලේ දරු දැරියන් ඉදිරිපත් කළ පොසොන් බැති ගී වැඩ සටහනකිනි.

කින්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී ද විශාල පිරිසක් පෙහෙවස් සමාදන් වුහ. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාද්වීපයට වැඩමකිරීමත් මිහින්තලේදී දේවානම් පිය තිස්ස රජතුමා හමුවීමත් සංකේතවත් කර පෙන්වූ මිස්සක පව්වේ අනුරුවක් පිංකම සඳහා ජගත් රණසිංහ සහ සරත් අමරසිංහ විසින් නිර්මාණය කර තිබුණි.

කබලෑවේ සිරිසුමන හිමියෝ අටවිසි බුද්ධ පුජා පින්කමක් මෙහෙයවනු ලැබුහ. පිංකම සඳහා දායකත්වය සැප වුයේ වජිර ලියනගේ, ගනේෂා වික්‍රමපාල යුවල සහ හිතවතුන් විසිනි. විහාරස්ථාන දායක කාරකාදීන් පිංකම සාර්ථක කරගැනීම සඳහා වෙහෙසවී උදව් උපකාර කළහ.

3[1] 3_1[1] 4[1] 4_1[1] 5[1] 6[1]

 

 



අදහස් (0)

ලන්ඩනයේත් මිස්සක පව්වක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 582 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site