IMG-LOGO

ලංකාවේ පළමු කෘෂි ශිතාගාර සංකීර්ණයට මුල්ගල තැබේ

(කාංචන කුමාර ආරියදාස)

ලංකාවේ පළමු කෘෂි  ශිතාගාර සංකීර්ණය අවට කිසිදු වෙළෙඳ සංකීර්ණයක් හෝ තවත් ආර්ථික මධ්‍යස්ථානක් ඉදි නොකරන බවත් මෙම ස්ථානයේ ගොවීන්ගේ එළවළු සහ පළතුරු උෂ්ණත්ව සහ තෙතමන පාලනය කිරීමේ කාර්යභාරය පමණක් ඉටු කරන බවත් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (30) දඹුල්ලේ දී පැවසීය.

‘‘ප්‍රභාස්වර කෘෂි දිවියේ නව්‍ය හැරවුම‘‘ වැඩසටහන නමින් නම්කොට තිබූ උෂ්ණත්ව සහ තෙතමන පාලිත ලංකාවේ පළමු කෘෂි ශිතාගාර සංකීර්ණය ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සාන්ධු මහතාගේ සහභාගිත්වයෙන් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඇතුළු ආරාධිත අමුත්තන් විසින් ශ්‍රී ලංකාවේ පළමුව ශීතාගාරයට  මුල් ගල තැබීම සිදු කෙරිණි. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය යාබද අක්කර හයක භූමියක මෙය ඉදිකෙරේ.

මෙම උත්සවයට මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරන කිසිදු දේශපාලන පක්ෂයක පාර්ලිමේන්තු ඇමැතිවරුන් ,මන්ත්‍රීවරුන් , රාජ්‍ය ඇමැතිවරුන් සහභාගී නොවීම ද විශේෂත්වයකි.

ශීතාගාරය ඉදිකරනවාට බොහෝ දෙනෙකු දැඩි විරෝධයක් දැක්වූ බවත් එළවළු පලතුරු විශාල වශයෙන් විනාශ වීම අවම කිරීම සඳහා ඉන්දියාවේ මූල්‍ය පරිත්‍යාගයෙන් ශීතාගාර ක්‍රමය ආරම්භ කරන බවත් හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.

ඉන්දියානු රජය මේ සඳහා මුදල් ලබා දුන් බවත් ඉතිරි මුදල් තම අමාත්‍යාංශයේ මගින් වැය කිරීමට සූදානමින් සිටින බවත් ඒ මහතා සඳහන් කළේය.

අස්වැන්න වැඩි කාලයට ගොවීන්ගේ අතිරික්ත එළවළු සහ පළතුරු අස්වැන්න ගබඩා කිරීමට හැකියාව තිබෙන බවත් ඒ අනුව මෙට්‍රික් ටොන් 5000 ක ධාරිතාවකින් යුතු උෂ්ණත්වයක් සහිත මෙරට පළමු ශීතාගාර මෙය වන බවත් හෙතෙම සඳහන් කළේය.



අදහස් (1)

ලංකාවේ පළමු කෘෂි ශිතාගාර සංකීර්ණයට මුල්ගල තැබේ

රවින් Sunday, 31 March 2019 08:21 AM

ඉස්සර (1970- 1980) වගේ කාලය තුළ මෙවැනි ශීතාගාර අලෙවි දෙපාර්තුමේන්තුව සතුව තිබුණා වගේ මතකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 144 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 678 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site