IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


රංවල කම්හලකට එරෙහිව ගම්මූන්ගේ විරෝධය

(තිලකරත්න දිසානායක .)

දොම්පෙ රංවල ප්‍රදේශයේ සත්ව ආහාර නිපදවීමේ කර්මාන්ත ශාලාවකින් හමන දුගඳ හේතුවෙන් තමන් දැඩි පීඩාවට පත්ව ඇතැයි කියමින් හා එය වසා දමන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීහු පිරිසක් අද (8)  පරිසර අධිකාරියෙහි ගම්පහ දිස්ත්‍රික් අධ්‍යක්ෂ කාර්යාලයට පැමිණ විරෝධතාවය පළ කළහ.

මෙම ආහාර නිෂ්පාදනාගාරයට සත්ත්ව කොටස් ගෙනැවිත් ආහාර නිපදවීම හේතුවෙන් මෙම දුර්ගන්ධය පවුල් 800 කට පමණ බලපාන බව විරෝධතාකරුවෝ පැවසූහ.

විසදුමක් ලබා දෙන ලෙස වසර ගණනාවකම සිට පරිසර අධිකාරිය ඇතුළු ආයතන දැනුවත් කළද මෙතෙක් නිසි විසදුමක් නොලැබුණු බව ඔවුහු චෝදනා කළහ.

දිස්ත්‍රික් අධ්‍යක්ෂවරයා කාර්යාලයේ නොසිටි නිසා ඔවුහු සහකාර අධ්‍යක්ෂිකා එම්.ඒ.ආර්.ඉන්දුමතී මහත්මිය වෙත ගොස් මේ බව කීහ.

පරිසර අධිකාරිය මගින් මෙම ගැටලුවට ගෙන ඇති ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බවත් අදාළ ආයතනය පරිසර අධිකාරිය මගින් ලබාදී ඇති බලපත් කොන්දේසි කිහිපයක්ම උල්ලංඝණය කර ඇති බවත් ඔවුහු සහකාර අධ්‍යක්ෂවරියට දැනුම් දුන්හ.

මේ හේතුවෙන් මහජන පීඩාව යටතේ මෙය වසා දමන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ

අනතුරුව සහකාර අධ්‍යක්ෂවරිය දුරකථනය මගින් පරිසර අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් අධ්‍යක්ෂ චතුර මල්වාන මහතා සම්බන්ධ කරදුන් අතර මෙහිදී අධ්‍යක්ෂවරයා දැනුම් දී සිටියේ පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලය දැනුවත් කර තාක්ෂණික කමිටුවක් මගින් මෙම ගැටලුව පරීක්ෂා කිරීමෙන් පසුව පීඩාවක් ඇති බව තහවුරු කර ගතහොත් ඉදිරි නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බවයි.


 



අදහස් (3)

රංවල කම්හලකට එරෙහිව ගම්මූන්ගේ විරෝධය

Dr.W.A.R.P.Weerasingha Thursday, 09 November 2017 05:14 AM

අවුරුදු 12 ක් මෙම සත්ව ආහාර නිෂ්පාදන ආයතනය හත්දූවවත්ත රන්වල මීතිරිගල යන ලිපිනයේ පවත්වාගේන යනු ලබයි. 2013 වර්ෂයේදී කිරිදිවැල පොලිසිය මගින් ගොනුකළ නඩුවේදී ලබාදුන් උසාවි නියෝගය පවා හැල්ලුවටපත්කරමින්, 200 ක් පමණ අවුරුදු 5 ට අඩු දරුවන්,ගර්භනී මවුවරුන් ඇතුළු 2500 පමණ අසරණ ජනතාව පිඩාවට පත්කරමින් සිටි. මෙම ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලියේදී හමන පිළිකුල් සහගත දුගද හේතුවෙන් ජනජීවිතය දැඩිසේ අසහනකරිවිම සහ ස්වාසනාභාද , පෙනහළු ගත පිළිකා ඇතුළු දරුණු සෞඛ්‍ය අවදානමකට ලක්වීමත්, ගර්භනී මුවරුන්ට අධික බලපෑමක් මෙන්ම කුස තුල සිටින දරුවන්ගේ වර්ධන ඌනතා අවධානමක්ද පවතී. අපජලය කැළණි ගඟට මුදාහරිමින් සංවෙදී පරිසර පද්ධතිය දුෂණය කරයි. 2017.8.30 මධ්‍යම පරිසර අධිකාරිය ලිඛිතව දැනුම්දුන් පරිදි 2277(R7) දරන පරිසර ආරක්ෂණ බලපත්‍රයේ කොන්දේසි විශාල ගණනක්ද උල්ලංඝනය කර ඇති මෙමෙ ආයතනය මෙලෙසපවත්වාගෙන යාමට ඉඩදෙන්නේ මන්ද? ප්‍රාදේශීය සභාවේ අතුරු ව්‍යවස්ථා උල්ලංඝනය කරමින්, පරිසර පනතේ 23 , උසාවි නියෝග උල්ලංගනය කරමින් 379/ඒ , 379/ඩ් ග්‍රාමනිලධාරී වසම්හි ජනතාව පිඩාවට ලක්කරමින් කරගෙන යන මෙය මෙමෙ ප්‍රදේශයට නුසුදුසුය.

:       16       7

Dr.Welikala Thursday, 09 November 2017 07:25 AM

ලංකාවේ පවතින නීතියට අනුව ඕනෑම පුද්ගලයකුට වෙළද ව්‍යාපාරයක්, කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යාහැකිය. එහෙත් ඉහත කී නීති රාමුව තුල මෙම කටයුතු පවත්වාගැනීම ව්‍යපාර හිමියන්ගේ වගකීමක් වේ. එමෙන්ම ජනතාවගේ ජීවත්වීමේ අයිතිය ඇතුළු මුලික මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හෝ ඊට තුඩුදෙන කටයුතු නොකිරීම මෙන්ම මහජනතාවට වංචා කිරීම නොකළ යුතුය. එය ව්‍යාපාරිකයාගේ වගකීමක් මෙන්ම යුතුකමකි. එසේ කිරීමෙන් මහජනතාව පිඩාවට ලක්කිරීම වරදක් මෙන්ම එයට ව්‍යවස්ථාපිත නීතිමය දඩුවම් ලැබුවත් නොලැබුවත් ස්වභාවදර්මය විසින් දෙන දඩුවම අති බරපතලය. එය මෙපමණ කලක් යයි කිව නොහැක. මෙම දඩුවම මෙය යයි ද නිශ්චය කළ නොහැක. එහෙත් එය අති බරපතලය. මෙම ව්‍යාපාර වලින් ලාබ ලබන්නේ ද මහජනතාවට එය අලෙවි කිරිමෙන්ය. එසේ හෙයින් මහජනතාව පිඩාවට පත්වන මෙවැනි ක්‍රියා වැළැක්වීම ව්‍යාපාරිකයාත් ඒහා සබැදි අනෙකුත් රාජ්‍ය හෝ පුද්ගලික ආයතනවලත් යුතුකම හා වගකීම වේ. මන්දයත් "මහජනතාව" යන වචනය තුල ව්‍යාපාරිකයාත් පාරිබෝගිකයත් යන දෙදෙනාම අන්තර්ගතවේ.

:       0       0

ධම්ම Tuesday, 14 November 2017 03:22 AM

අවුරුදු 12 ක් තිස්සේ නිරුපද්‍රිතව කරගෙන ගිය මේ ව්‍යාපාරයට හදිසියේම මේ විරෝධතාවය එල්ලවූයේ ඇයිදැයි සොයා බැලිය යුතුය. කෙනෙකුට 'බඩේපාර ' වදිනවිට දැනෙන සතුට විඳීමට අපේ මිනිසුන් පුරුදුව ඇත. මෙයද එහෙම දෙයක් විය හැක.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 923 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1006 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 402 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site