(දයාරත්න ඇඹෝගම)
කොළඹ සිට වවුනියාව බලා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් අද(29) මාරගහවැවදී මාර්ගයෙන් ඉවතට පැන ක්‍රොන්ක්‍රීට් බැම්මක ගැටී පුද්ගලයෙකු මිය ගොස් තවත් පුද්ගලයන් පස්දෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි රාජාංගනය පොලිසිය කියයි.
මිය ගොස් ඇත්තේ වවුනියාව බාලවිනයගර් කෝවිලපාරේ පදිංචිව සිටි විජේකුමාර් දනුෂන් නැමති 23 හැවිරිදි පුද්ගලයෙකි.
වවුනියාවේ සිට කොළඹ ගුවන් තොටුපළ දක්වා පෞද්ගලික අවශ්‍යතාවයකට ගොස් නැවත එමින් සිටියදී මෙම පුද්ගලයන් ගමන් ගත් වෑන් රථය අනතුරට ලක්ව ඇත.
අනතුර වන අවස්ථාවේ වෑන් රථයේ පුද්ගලයන් හයදෙනෙකු සිට ඇති අතර ඔවුන් සියලුදෙනා ම අනතුරින් තුවාල ලබා තිබේ.
තුවාලකරුවන් නොච්චියාගම රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා පසුව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
බරපතල තුවාල ලැබූ පුද්ගලයකු නොච්චියාගම රෝහලේදි මිය ගොස් තිබේ.
රියදුරාට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක පළකරයි.
සිද්ධිය සම්බන්ධයෙන් රාජාංගනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
රිය අනතුරකින් අයෙක් මරුට - 5කට තුවාල