IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රන්මාල කොල්ල කෑමේ ගිය තිදෙනෙක් අත්අඩංගුවට


 
  
(ජේ.කේ.එල් චාමින්ද)
 
යතුරුපැදිවලින් ගොස් කාන්තාවන්ගේ ගෙල බැදි රන්මාල කොල්ලකෑමේ නිරත කොල්ලකරුවන් තිදෙනෙකු කොල්ලකනු ලැබු රන්මාල 9ක් හා කොල්කෑම් සඳහා යොදා ගත් යතුරුපැදි දෙකක් සමඟ අත්අඩංගුවට ගත් බව අක්මීමන පොලිසිය කියයි.


මෙම කොල්ලකරුවෝ තිදෙනා  අක්මීමන පොලිස් බල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.


හබරාදුව ,ගාල්ල සහ අක්මීමන යන පොලිස් බල ප්‍රදේශවලදී මොවුන් යතුරුපැදි වලින් ගොස් කාන්තාවන්ගේ ගෙල බැදි රන්මාල කොල්ලකා ඇති බව පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ. 

කොල්ලකනු ලැබු රන්මාල වල වටිනාකම රුපියල් ලක්ෂ 10ක් පමණ වන බවද පොලිසිය  කියයි.


කොල්ලකරුවන් තිදෙනා දැඩි ලෙස මත්කුඩුවලට ඇබ්බැහි වී සිටින අය බවද පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වී ඇත.  එක් කොල්ලකරුවෙකුට මත්කුඩු පානය කිරිම සඳහා දිනකට රුපියල් තුන්දහසක් පමණ වැයවන බව පරික්ෂණ වලදී අනාවරණය වී ඇති අතර මත්කුඩු පානය කිරිමට මුදල් සොයා ගැනීම සඳහා  රන්මාල කොල්ලකෑම් කර ඇති බවද පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ.



අදහස් (0)

රන්මාල කොල්ල කෑමේ ගිය තිදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site