(අජිත්ලාල් ශාන්තඋදය)
අධික වර්ෂාව හේතුවෙන් රත්නපුර සිට වේවැල්වත්ත දක්වා යන විකල්ප මාර්ගයේ ගලබඩ දෙමළ විද්‍යාලය අසල කන්දක් බදාදා (13) රාත‍්‍රීයේ කඩා වැටීමෙන් එම මාර්ගයේ මීටර් 30ක පමණ කොටසක් පස්වලින් යටවී ගමනාගමනය ඇණහිට ඇතැයි ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය කියයි.
මෙම මාර්ග අවහිරවීම නිසා ගලබඩ, හපුගස්තැන්න සහ වේවැල්වත්ත තේ කම්හල්වලට අමු තේ දළු ප‍්‍රවාහන කටයුතුවලටද දැඩි බාධා එල්ලවි තිබේ.
පවතින කාලගුණ තත්ත්වය නිසා නායයාමට ලක්ව ඇති ආඳැල්ල ප‍්‍රදේශයේ පස් ඉවත් කිරීම අනතුරුදායක බව ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානයේ රත්නපුර දිස්ත‍්‍රික් ඉංජිනේරු අභීත වනසුන්දර මහතා පෙන්වා දෙයි.
වේවැල්වත්ත මාර්ගයේ විකල්ප මාර්ග ද නායයාමට ලක්ව ඇති නිසා රත්ගඟට යාම සඳහා දුරෙක්කන්ද වනුමුරේ හරහා ගල්කඳුර මාර්ගය භාවිතා කළ හැකි බව පොලීසිය කියයි. මෙම මාර්ග ග‍්‍රාමීය මාර්ග නිසා පහසුකම් අවම බවත් වාහන තදබද ඇතිවිය හැකි බැවින් ප‍්‍රවේසමෙන් රිය පදවන ලෙසත් පොලීසිය මහ ජනතාවට දැනුම් දෙයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
රත්නපුර - වේවැල්වත්ත පාර පස්වලින් යටවෙයි