(දයාරත්න ඇඹෝගම)
රජරට විශ්ව විද්‍යාලයේ පංති තහනම් කරනු ලැබු සිසුන් 16 දෙනා නැවත විශ්ව විද්‍යාලයට ඇතුළත් කර ගන්නා ලෙසත් සිසුන්ගේ සුභ සාධාන ගැටළු විසදා දෙන ලෙසත් ඉල්ලා මහජනතාවගේ අත්සන් ලබා ගැනීමේ ව්‍යාපාරයක් අද (12) අනුරාධපුර නව නගරයේ බස් නැවතුම්පල අසලදී පැවැත්විණි.
සිසුන් 16 දෙනෙකුගේ පංති තහනමට විරෝධය පල කරමින් රජරට විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීඨයේ සිසුන් ඊයේ (11) සිට අඛණ්ඩ පංති වර්ජනයකද නිරතව සිටිති.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජරට විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ප්‍රදිප් ප්‍රේමලාල් සිසුවා මෙසේ පැවසීය.
මේවන රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් 16 දෙනෙකුගේ පංති තහනම් කර තිබෙනවා. තාක්ෂණ පීඨය සඳහා අවශ්‍ය ගොඩනැගිලි, පහසුකම් කිසිවක් නැහැ. සුභ සාධන ගැටළු රැසක් නිර්මාණය වී තිබෙනවා.
මේ සම්බන්ධනයෙන් පාලන අධිකාරිය මුනිවත රකිනවා. ගැටළු විසඳා දෙන්න කියන විට පාලනාධිකාරිය සිසුන් මැඩ පැවැත්වීම සඳහා ඔවුන්ගේ පංති තහනම් කරනවා.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.