(අමදෝරු අමරජීව )
ලිඛිත හා සම්මුඛ පරික්ෂණවලින් සමත් වි ප්‍රතිඵල අන්තර් ජාලයේ ප්‍රදර්ශනය කළද මෙතෙක් පත්විම් ලබාදිමට බලධාරින් කටයුතු නොකිරිමට එරෙහිව නැගෙනහිර පලාතේ ස්වේච්ඡා ගුරුවරුන් හා නැගෙනහිර පලාතේ උපාධිධාරින් අද (06) ත්‍රිකුණාමලයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ දෙකක් එකවර පැවැත්වුහ.
පත්විම් අපේක්ෂාවෙන් සිටින ස්වේච්ඡා ගුරුවරු පවසන්නේ 2007 දෙසැම්බර් 01 දාට පෙර ස්වේච්ඡා ඉගැන්විම් පදනම් කරගෙන සේවය ස්ථීර කිරිම සදහා සම්මුඛ පරික්ෂණ පවත්වා ප්‍රතිඵල අන්තර් ජාලයේ ප්‍රදර්ශනය කර ඇතත් මෙතෙක් පත්විම් නොලැබුණු බව ඔවුහු පවසා සිටියහ.
උපාධිධාරින් පවසන්නේ නැගෙනහිර පලාත් රාජ්‍ය සේවයේ ගුරු සේවයට ලිඛිත හා සම්මුඛ පරික්ෂණ පවත්වා ප්‍රතිඵල අන්තර් ජාලයේ ප්‍රදර්ශනයට පමණක් සීමා වි ඇති බවය.මෙම දෙපාර්ශවයේ උද්ඝෝෂණය ප්‍රධාන දොරටුව දෙපස සිදුකරද්දි පොලිසිය ආණ්ඩුකාර කාර්යාලයේ දොරටු වසා දැඩි මුරකාවල් යෙදිමට පියවර ගනු ලැබිය.
උද්ඝෝෂණය පැවැත්වෙන අවස්ථාවේ ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතා කාර්යාලයේ නොසිටි අතර මේ සම්බන්ධයෙන් ආණ්ඩුකාර ලේකම් අසංක අබේවර්ධන මහතාගෙන් විමසිමක් කළේය.
‘මේ අය පිටත උද්ඝෝෂණයක් තියනවා. ඔවුන්ගේ ඉල්ලිම් මොනවාද කියලා මට දැනුම් දිලා නැහැ.ඒ ඉල්ලිම් මොනවාද කියලා මට දැනුම් දුන්නොත් පිළිතුරක් දිය හැකි යැයි ආණ්ඩුකාර ලේකම්වරයා කීය.
අනතුරුව ආණ්ඩුකාර ලේකම් සමග සාකච්ඡා කිරිම සදහා කණ්ඩායම් දෙකෙන්ම පස්දෙනා බැගින් ආණ්ඩුකාර කාර්යාලයට කැඳවිමකට අනුව එහි ගියහ.



2025 දෙසැම්බර් මස 04
507
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
474
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රැකියා විරහිත නැගෙනහිර ස්වෙච්ඡා ගුරුවරු-උපාධිධාරීහු වීදී බසිති