(සිරාජ් හසීම් සහ එස්.ප්‍රදීපන්)
උතුරු පළාතේ රැකියා විරහිත උපාධීධාරීන් පළාත් අමාත්‍යංශවල සහ දෙපාර්තුමේන්තුවල සේවයට බදවා ගැනීමට පියවර ගන්නා බව උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.සිවඥානම් මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් තමන් පළාත් අමාත්‍යංශවලට හා දෙපාර්තුමේන්තුවලට ලිඛිතව දැනුම් දුන් බව කී ඒ මහතා රැකියා විරහිත උපාධිධාරීන් පුරප්පාඩු සදහා බදවා ගන්නැයි ඉල්ලා සිටියි.
පළාතේ ජල හා පානීය ජල ගැටළු සම්බන්ධයෙන් අද(07) උතුරු පළාත් සභා වේදී පැවති සැසිවාරයේ දී ඒ මහතා මේ බව කීය.
COMMENTS
මහින්ද රට බාරගන්නකොට හිටියේ රජයේ සේවකයින් 700000 යි. එය 800000 ක් අලුතෙන් ගත්තා. දැන් 1500000 ක් ඉන්නවා. යහපාලන ආණ්ඩුව මුන්ට රුපියල් 10000 ක පඩි වැඩි කරලා මාසයකට මිලියන 15000 ක අමතර බරක් මහජනතාවට දුන්නා. ලෝකයේ වැඩිම රජයේ සේවකයන්/මුළු ජනගනගහන අනුපාතය වැඩිම රට ශ්‍රී ලංකාව. උතුරේ තව ගත්තහම රට ඉවරයි. අලුතෙන් ගන්න අයට දේශපාලුවන්ගේ අතින් පඩි ගෙවන්න කියන්න.
උතුරේ මිනිස්සුන්ට තියේන දැනුම දකුනටත් තිබුණනං
කුඹුරු කොටන්න අරින්න වන්නියට.