( උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )
මෙවර යල කන්නයේ කලවාන ගොවිජන බල ප්‍රදේශයේ කුඹුරු අස්වැද්දීම වෙනත් යල කන්න වලට වඩා ඉහළ ගොස් ඇති බව කලවාන ගොවිජන කාර්‍යාලය පවසයි.
මෙවර යල කන්නයේ ගොවීන් 1153 ක් කුඹුරු වැඩට බැස ඇති අතර කුඹුරු අක්කර 937 කට අධික ප්‍රමාණයන් මෙවර යල කන්නයේ අස්වැද්දීමට කටයුතු කර තිබේ.
වෙනත් යල කන්න වලදි මෙතරම් කුඹුරු ප්‍රමාණයක් ගොවීන් අස්වැද්දීමට කටයුතු නොකල බවත් එය 350% පමණ ඉහළ යාමක් බව කලවාන ගොවිජන සේවා කාර්‍යාලය ගොවිජන සේවා නිලධාරී ජානක ඉන්දාජිත් මහතා පැවසීය.
අවුරුදු පහා හා ඉට වඩා වැඩි පුරන් කුඹුරුද මෙවර අස්වැද්දීම ගොවින් කටයුතු කල ඇති බවත් අක්කර 335ක් අස්වැද්දීමටද ගොවීන් කටයුතු කර ඇති බවත් ගොවීජන සේවා නිලධාරී වරයා පැවසීය.
අද 11 දින කුඹුරු පොහොර ලබා ගැනිම සදහා දිගු පොලිම් කලවාන ගොවිජන කාර්යාලය අසල දක්නට ලැබිණ.
ඔවුන්ට අවශ්‍ය පොහොර මේ වන විටත් කාර්‍යාලය වෙත ලැබි ඇති බවද ගොවිජන සේවා නිලධාරී ජානක ඉන්දාජිත් මහතා පැවසීය .
2025 දෙසැම්බර් මස 18
615
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1098
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යල කන්නයට පොහොර ගන්න කලවාන ගොවිජන කාර්යාලය අසල දිගු පෝලිම්