(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නොරෝච්චෝල කරඹ ප්‍රදේශයේ දී අද (02) සිදුවූ යතුරු පැදි අනතුරකින් තිදෙනෙකු බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව නොරෝච්චෝල පොලිසිය කියයි.
කල්පිටිය සිට පාලවිය දක්වා ගමන් කරමින් තිබු යතුරු පැදියක් සහ පාලවිය සිට කල්පිටිය දක්වා ගමන් කරමින් තිබූ යතුරු පැදියක් එකිනෙක ගැටීමේන් එහි ගමන් කරමින් සිටි සිව් දෙනෙකුගෙන් තිදෙනෙකු බරපතල තුවාල තිබූ බව පොලිසිය කියයි.
අනතුරින් එක් යතුරු පැදියක ඉදිරිපස රෝදය වෙන්වන ලෙසට කැඩි ගොස් තිබූ බව පොලිසිය සඳහන් කළේය.



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.