IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


යතුරුපැදි සොරාගෙන කොටස් කර විකිණූ කල්ලියක් අල්ලයි

(තුසිත කුමාර ද සිල්වා)

විවිධ පළාත්වලින් යතුරුපැදි සොරාගෙන, කොටස් ගලවා විකිණීමේ ජාවාරමක නිරත වූ තිදෙනෙකු රුපියල් ලක්ෂ 25ක් වටිනා යතුරු පැදි හා ත්‍රිරෝද රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.

මෙම ජාවාරමේ මහ මොළකරු ගරාජයක සේවය කරන්නෙකි. සැකකරුවෝ පානදුර අලුබෝමුල්ල හා ජනප්‍රිය මාවත පදිංචි 40, 30 සහ 23වන වයස්වල පසුවන්නෝය.

මොවුන් තදින් මත්කුඩු පානයට ඇබ්බැහි වූවන් බවත්, ඒ සඳහා මුදල් සෙවීමේ අරමුණින් මෙලෙස ඕනෑම ස්ථානයක අගුළු දමා නවතා තිබෙන යතුරුපැදි හා ත්‍රිරෝද රථ සූක්ෂම ලෙස පණගන්වා රැගෙන ගොස් කොටස්වලට ගලවා ඇති බවද,  පොලිසිය පවසයි.

ඉකුත් පෙබරවාරි 16 වන දින ගාලුපාරේ මස්සල හන්දියට නුදුරින් තිබෙන සුපිරි වෙළඳසැලක රථ ගාලේ  තිබූ රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා යතුරු පැදියක් එදින අලුයම 5.30 ට පමණ සොරකම් කර රැගෙන යන ආකාරය ආරක්ෂිත කැමරා දර්ශනවලින් පොලිසිය අනාවරණය කරගෙන ඇත. සැකකරුවන් පැමිණි යතුරුපැදියේ අංකය ඔස්සේ කළ පරීක්ෂණ මඟින් මෙම සොරකමේ සුලමුල සොයාගෙන තිබේ.

ඒ වනවිටත් වෙනත් පොලිස් බල ප්‍රදේශවලින් සොරකම් කරන ලද යතුරු පැදි 3ක කොටස්, බේරුවලින් සොරකම් කළ යතුරු පැදිය ඇතුළු තවත් යතුරුපැදි 3ක් සහ ත්‍රිරෝද රථයක් පානදුර අරුග්ගොඩ හා ජනප්‍රිය මාවතේ සැකකරුගේ ගරාජයේ සහ නිවසේ තිබී සොයාගෙන පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද කළුතර අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (0)

යතුරුපැදි සොරාගෙන කොටස් කර විකිණූ කල්ලියක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 576 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 330 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site