IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මහර සමූපකාර සමිතියේ නියෝගයකින් පාරිභෝගිකයින් අමාරුවේ

(තිලකරත්න දිසානායක.)

මහර සමූපකාර සමිතිය මගින් නිකුත් කර ඇති අලෙවි නියෝගයක් පාරිභෝගිකයින්ට දැඩි අපහසුතාවයකට පත් කිරීමක් බවට පාරිභෝගිකයින් විසින් කළ පැමිණිල්ලක් අනුව පාරිභෝගික කටයුතු අධිකාරිය එම නියෝගය අත්හිටුවීමට පියවර ගනු ලැබීය. 

මේ දිනවල සමූපකාර සහ සතොස ආයතන මගින් පමණක් සහන මිලට සැමන් හා පරිප්පු ලබාදීම සිදු කරනු ලැබේ.

මහර සමූපකාර සමිතියට අයත් බටේපොල සහ මල්වතුහිරිපිටිය ප්‍රාදේශික මගින් පාරිභෝගිකයින්ට  දැනුම්දී ඇත්තේ සැමන් සහ පරිප්පු ලබා ගැනීම පිනිස රුපියල් 500 කට සහ රුපියල් 1000 කට වඩා ද්‍රව්‍ය මිලදී ගතයුතු බවයි.

මින් ප්‍රකාශවී ඇත්තේ රුපියල් 500 කට වඩා ද්‍රව්‍ය මිලදී ගන්නේ නම් පරිප්පු ග්‍රෑම් 500 ක් සහ ලොකු සැමන් ටින් එකක් ලබාගත හැකි බවත් රුපියල් 1000 කට වඩා ද්‍රව්‍ය මිලදී ගන්නේ නම් පරිප්පු කිලෝවක් සහ ලොකු සැමන් ටින් එකක් ලබාගත හැකි බවත්ය. 

මෙම තත්ත්වය සම්බන්ධයෙන් පාරිභෝගිකයින් කිහිප දෙනෙකු විසින් පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන අංශය වෙත කළ දැනුම්දීමක් මත එහි ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතාගේ මෙහෙයවීම යටතේ කළ පරීක්ෂාවේදී මල්වතුහිරිපිටිය ප්‍රාදේශිකයෙහි කළමනාකාරවරිය සදහන් කර සිටියේ, මහර සමූපකාර සමිතියෙහි සාමාන්‍යාධිකාරීවරයාගේ උපදෙස් පරිදි මෙලෙස කටයුතු කළ බවයි.

මේ අනුව කළුතරආරච්චි මහතා දුරකථනය මගින් සාමාන්‍යාධිකාරීවරයා සම්බන්ධ කර ගනිමින් කළ විමසිමේදී ප්‍රකාශකර ඇත්තේ සැමන් සහ පරිප්පු සැවොම පාහේ ඉල්ලා සිටින බැවින් අනෙක් ද්‍රව්‍යයන්ද අලෙවි කිරීම පිණිස මෙවන් පියවරක් ගනු ලැබූ බවය.

මෙහිදී ප්‍රදීප් කළුතරආරච්චි මහතා විසින් කොන්දේසි විරහිතව භාණ්ඩ අලෙවි කිරීම කළයුතු බව පෙන්වා දීමෙන් අනතුරුව ද්‍රව්‍ය මිලදී ගැනීමේදී පනවා තිබූ සීමා නියෝගය අත්හිටුවීමට එකඟතාවය පළ කර ඇත. 

සමූපාකාරය මගින් ග්‍රාමීය ජනතාවට සීමා පැනවීම විශාල අපහසුතාවයක් බවත් මෙම තත්ත්වයට කඩිනමින් විසදුම් ලබාදීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන අංශය කඩිනමින් පියවර ගැනීම ඉතා ප්‍රශංසනීය බව පැමිණිලිකරුවන් විසින් මෙහිදී පවසා සිටියහ. 



අදහස් (0)

මහර සමූපකාර සමිතියේ නියෝගයකින් පාරිභෝගිකයින් අමාරුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site