(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මහකුඹුක්කඩවල ගම්මාන ගණනාවක ජනතාව භිතියට පත් කරමින් ජීවිතයක් වැනසු, ප්‍රදේශවාසීන් ‘කන් සිදුරා‘ නමින් හදුන්වන සද්ධන්තයා වන ජීවි නිලධාරීන් විසින් අල්ලාගෙන අද ( 24) හොරොව්පතාන අලි සුරැකුම් මධ්‍යස්ථානයට බාර දීමට කටයුතු කළේය.
පවතින දැඩි වර්ෂාව මැද වනජීවි පශු වෛද්‍යවරුන් හා වනජීවි නිලධාරීන් දින කිපයක මෙහෙයුමකින් පසුව මෙම සද්ධන්තයා අල්ලා ගැණිනි.
වයස අවුරුදු 45 ක් පමණ වන මෙම වන අලියා අඩි නවයක පමණ උසකින් යුක්ත වන අතර මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ගම්මාන රැසක ජනතාව භිතියට පත් කරමින් සැරිසාරා ඇතැයි කියයි.
අලියාගේ සිරුර පුරා වෙඩි පහරවල් රැසක් දකින්නට ලැබුණු අතර කන්වල දැවැන්ත වෙඩි පහරවල් රැසක් තිබීම හේතුවෙන් මෙම අලියා කන් සිදුරා නමින් හදුන්වන බව කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මහකුඹුක්කඩවල ගම්මානය හෙල්ලූ ‘කන් සිදුරා‘ අල්ලා ගනී
DD Tuesday, 24 September 2019 03:29 PM
අහිංසක සත්තු. වෙඩි වැදිලා තියෙන්නේ ඉබේට වෙන්න ඇති.ඌ එහෙම කරන්නේ ඌට රිදවලා නිසා වෙන්න ඇති.