අමදෝරු අමරජීව
පුර පසලොස්වක පෝය දිනය වු අද (27) ගෝමරන්කඩවලදී මරණ ලද මුවෙකුගේ මස් පාර්සල් කර විකුණු වෙළඳසැල් හිමියකු මස් තොගයත් සමඟ අධි ශීතකරණයක් ද අත්අඩංගුවට ගැනීමට වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය සහකාර අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරිහු සමත්වුහ.
අත්අඩංගුවට පත්වන අවස්ථාවේ කිලෝ ග්‍රෑම් එක බැගින් පාර්සල් කළ මස් පාර්සල් 11ක් අධි ශිතකරණය තුළ තිබී ඇති අතර මස් කිලෝ ග්‍රෑම් එක බැගින් පාර්සල් පහක් විකුණා තිබී ඇතැයි වනජිවි සහකාර අධ්‍යක්ෂ නීතීඥ ලලිත් කුමාර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd