(ටී.කේ.ජී.කපිල )
රුපියල් දෙකෝටි හැත්තෑ හතර ලක්ෂ හැට පන් දහස් තුන්සිය තිස් දෙකක් (2,74,65,332) ක් වටිනා විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව බලා රැගෙන යෑමට තැත් කළ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද (2) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
28 හැවිරිදි මොහු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචි ව්‍යාපාරිකයෙකි .
අද (2) අලුයම 1.00 ට සිංගප්පූරුව බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 306 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ බ්‍රිතාන්‍ය පවුම් - 19,250 ක් , යූරෝ 95,000 ක් , සෞදි රියාල් 71,500 ක් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිරාම් 21,000 ක් වශයෙන් වූ මෙම විදේශ මුදල් තොගයක් ගමන් මල්ලේ සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
මිලියන 27 ක විදෙස් මුදල් සමග ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට