IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මුලතිව් වට්ටුවාකල්-නන්දිකඩාල් කලපු සීමාවේ මසුන් මිය යාමේ තර්ජනයක්

(රොමේෂ් මධුෂංඛ)


මුලතිව් වට්ටුවාකල් හා නන්දිකඩාල් පාලම සහිත කලපු සීමාවේ මසුන්  මියගොස්  කලපුවේ පාවෙමින් තිබෙන බව මුලතිව් වට්ටුවාකල් හා නන්දිකඩාල් හි ධිවර රැකියාවේ නිරත වන පිරිස් පවසති.


මුලතිව් ධීවර ජනතාව  සඳහන් කළේ  කලපුවේ මසුන් ටික දිනක සිට මියගොස් කලපු සීමාවේ ගොඩ ගැසී ඇති අතර කලපුවේ මසුන්  මියගොස් තැනින් තැන පාවෙන තත්වයත් සමඟ කලපු සීමාවේ දැඩි දුර්ගන්ධයක් පවතින  බවයි.


මීට පෙර වසරවලද නියං සමයේ කලපුවේ මසුන් මැරී පාවෙන තත්වයක් දක්නට ලැබුණ අතර  ප්‍රදේශයේ ධිවර ජනතාව  සඳහන් කලේ මෙවර නියං සමයේ තත්වය උග්‍ර වී ඇති බවයි.


සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් සහකාර ධීවර පරීක්ෂක කාර්යාල නිලධාරීන්ගෙන් විමසීමේදී එහි නිළධාරීන් පැවසූවේ පවතින නියඟය හමුවේ කලපුවේ ජලය අඩු වි ඇති අතරල කලපුව වෙත ලුණු මිශ්‍ර ජලය ගලාඒමේ තත්වයක් හටගෙන ඇති නිසා ලුණ මිශ්‍ර ජලය කලපුව වෙත ඇදී ඒම හා කලපුවේ පවතින ජලය දැඩි ලෙස රත්වීමෙන් මසුන් මිය  මිය යන්නට ඇති බවයි. 
 



අදහස් (0)

මුලතිව් වට්ටුවාකල්-නන්දිකඩාල් කලපු සීමාවේ මසුන් මිය යාමේ තර්ජනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site