(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් මුල්ලියාවලෙයි මදවාලසිංහම් වැවේ පාවෙමින් තිබූ තරුණයෙකුගෙ මළ සිරුරක් සොයා ගත් බවට මුලතිව් පොලීසිය පවසයි.
මුල්ලියාවලෙයි පළමු පටුමගේ පදිංචි 21 හැවිරිදි ඉන්ද්‍රන් තගීසන් නැමති මෙම තරුණයා සිය මිතුරන් සමඟ මදවාලසිංහම් වැවට දිය නෑමට ගොස් මිතුරන් සමඟ ජල ක්‍රීඩාවක නිරත වෙමින් සිටියදී එකවරම දියේ ගිලී අතුරුදහන්ව තිබුණි.
පසුව මිතුරන් හා ප්‍රදේශවාසීන් එක්ව ඒ පිළිබඳව මුලතිව් පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව දියේ ගිලුණු තරුණයා එදින සෙව්වද හමු නොවූ අතර දින දෙකකට පසු සිරුර සොයා ගැණිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd