IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මාර්ගයක් පරීක්ෂා කිරීමට ගොස් හාරිස්පත්තුව ප්‍රා. සභාපති-ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්ත්වයක

(මොහොමඩ් ආසික්)
 
හාරිස්පත්තුව ප්‍රාදේශිය සභා  බල ප්‍රදේශයට අයත් වරාතැන්න ප්‍රදේශයේ මාර්ගයක් පරීක්ෂා කිරීම සඳහා ප්‍රාදේශිය සභාවේ සභාපති ආනන්ද ජයවිලාල් මහතා ඇතුළු මන්ත්‍රීවරුන් සහ සභාවේ නිළධාරින් පිරිසක් අද (27)  දහවල් එහි ගිය අවස්ථාවේ ප්‍රදේශවාසීන් සහ සභාපතිවරයා අතර උණුසුම් වචන හුවමාරුවක්  ඇති විය.
 
මෙම මාර්ගය දැනට පවතින ස්ථානයෙන් ගමන් කළ නොහැකි බවත්  මින් පෙර තමන් භාවිතා කළ මාර්ගය හරස් කර බැම්මක් බැඳ ඇති බැවින් එම බැම්ම ඉවත් කර එම මාර්ගය තමන්ටද භාවිතා කිරීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙසත් ප්‍රදේශයේ ජනතාව ඉල්ලා සිටිති
 
. කෙසේ නමුත් සභාපති ආනන්ද ජයවිලාල් මහතා ප්‍රකාශ කරන්නේ, පුද්ගලික නිවාස යෝජනා ක්‍රමයක් සඳහා ඉදි කර ඇති මෙම  මාර්ගය පුද්ගලික මාර්ගයක් බවත් එම මාර්ගය නිවාස  යෝජනා ක්‍රමය අවසන් වන ස්ථානයෙන් 1988 වසරේදී බැම්මක් ඉදි කර ඇති බවත්ය.
 
ඊයේ 26 වනදා පැවැති ගුවන් විදුලි වැඩසටහනකදී සජීව දුරකථන ඇමතුමක් මගින් එම ප්‍රදේශයේ පදිචිකරුවකු බව සඳහන් කරමින් කතා කළ පුද්ගලයෙකු තමන්ට  නුසුදුසු ලෙස කතා කළ බවත් මෙහිදී තමන් දැඩි  ලෙස වේදනාවට පත්ව සිටින බවත් සභාපතිවරයා මෙහිදී කීය. .
 
තමන් වසර 14 ක් මෙම සභාවේ සභාපති ධුරට හොබවන බවත් මෙම මාර්ගය සම්බන්ධයෙන් දැනට වසර එක හමාරක පමණ කාලයක සිට පමණක් මාර්ගය සම්බන්ධයෙන් ඉල්ලීම් ඉදිරිපත් වන බවත් සභාපති වරයා  කීය.
 
 කෙසේ නමුත්  පුද්ගලික නිවාස යෝජනා ක්‍රමය සඳහා ඉදි කර ඇති මාර්ගය පුද්ගලික මාර්ගයක් බැවින් එය විවෘත කර දීමට තමන්ට හැකියාවක් නොමැති බවත් ප්‍රාදේශිය සභාව සතු මාර්ගය සංවර්ධනය කර දීමට තමන් පොරොන්දුව සිටියදී මෙලෙස තමන්ට දෝෂාරෝපණය කිරිම සිදු කළ බවත් සභාපතිවරයා මෙහිදී කීය.
 
ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරන්නේ, තමන්ට දැනට පවතින මාර්ගයේ ගමන් කළ නොහැකි  බැවින් මෙම බැම්ම ඉවත් කර මාර්ගය විවෘත කර දෙන ලෙසයි.
 
මේ සම්බන්ධයෙන් දිගින් දිගටම සභාපතිවරයා සඳහන් කළේ, පුද්ගලික මාර්ගයක් විවෘත කර දීමට තමන්ට බලයක් නොමැති බවයි.



අදහස් (0)

මාර්ගයක් පරීක්ෂා කිරීමට ගොස් හාරිස්පත්තුව ප්‍රා. සභාපති-ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්ත්වයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site