IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මීරිගම ප්‍රා.සබේ අය වැය විරෝධතා මැද සම්මත වෙයි

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
 
මීරිගම ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මාසික රැස්වීමට ඉදිරිපත් කළ 2020 වසර සදහා වන අයවැය ලේඛනයට එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් සභා ගර්භයේ පුවරු ඔසවා විරෝධය දැක්වූ අතර පක්ෂව ඡන්ද 31 ක් හා විපක්ෂව ඡන්ද 15 ලබා වැඩි ඡන්ද 16 කින් අයවැය යෝජනා අද (16) සභා සම්මතවිය.
 
 මීරිගම ප‍්‍රාදේශීය සභාවේ 2020 වසර සදහා වන අයවැය ලේඛනය සභාපති සරත් නන්දසිරි රණතුංග මහතා (පො.ජ.පෙ)  සභාවට ඉදිරිපත් කරනු ලැබීය.  එහිදී පක්ෂ විපක්ෂ මන්තී‍්‍රවරුන් අදහස් දැක්වීමෙන් පසුව ඡන්ද විමසීම සිදු කෙරිණි.
 
 පාලක පොදුජන පෙරමුණේ මන්තී‍්‍රවරුන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්ති‍්‍රවරු සිව් දෙනා සමග ජාතික ජනතා පක්ෂයේ ජනක පුෂ්පකුමාර මහතා යෝජනාවට පක්ෂව ඡන්දය ප‍්‍රකාශ කළ අතර එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ් හා ජාතික ජනතා පක්ෂයේ සුසන්ත ගජනායක මහතා විපක්ෂව ඡන්දය භාවිතා කරනු ලැබීය.
 
විපක්ෂ නායක ඒ.ආර්.තිලක් අශෝක (එ.ජාප.) මහතා අයවැය යෝජනාව ඉදිරිපත් කරන අවස්ථාවට ටික වේලාවකට පෙර සභා ගර්භයෙන් පිටව ගියේය.
 
පාලක පොදු ජන පෙරමුණේ කීර්ති ගුණසේකර මහතා අයවැය විවාදය අතර හදිසියේ අසනීපවීම හේතුවෙන් රෝහල් ගත කරනු ලැබීය. එක්සත් ජාතික පකෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ  මන්තී‍්‍රවරුන් දෙදෙනා බැගින් සභා රැස්වීට පැමිණ සිටියේ නැත.

 



අදහස් (0)

මීරිගම ප්‍රා.සබේ අය වැය විරෝධතා මැද සම්මත වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site