(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම කණ්ඩලම කන්දේ අද (05) රාත්‍රී 7.00 ට පමණ ගින්නක් හට ගෙන තිබේ.
කණ්ඩලම කන්දේ පිහිටා ඇති ශී‍්‍ර ලංකා ටෙලිකොම් සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයට සහ දුරකතන කුළුණු පිහිටි ස්ථානයට පහළින් මෙම ගින්න හටගෙන ඇති බව ප්‍රදේශවාසීහු පැවසූහ.
ගින්න මැඩ පැවැත්වීම සඳහා ගම්පහ නගර සභාවේ ගිනි නිවන රථ පැමිණියද එම රථ ගින්න පවතින ස්ථානයට ගෙන යාමට නොහැකි වූ බව එහි නිලධාරියෙකු පැවසීය.
ගිනි නිවන රථ එම ස්ථානයට ගෙන යාමට නොහැකි වූ බැවින් ප්‍රදේශවාසීහු සමඟ එක්ව ගිනි නිවන භටයින් ගින්න නිවා දැමීමට කටයුතු කළ අතර යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ නිලධාරීහු එක්ව ගින්න පැතිර යාම වැළැක්වීමට කටයුතු කළ බව මීරිගම පොලිසිය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd