සුජිත් හේවාජුලිගේ
මිනීමැරුම් ඇතුළු විවිධ දරුණු ගණයේ අපරාධ සම්බන්ධයෙන් 1231 දෙනෙකු මේ වන විට මරණීය දඬුවම නියමවී සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අලුත්ම කාර්ය සාධන වාර්තාවේ දැක්වෙයි.
මෙයින් 40 දෙනෙකු කාන්තාවන් බවද එම වාර්තාව කියයි.
මරණීය දඬුවම නියමවු මෙම පිරිසෙන් 879 දෙනෙකු ඒ තීන්දුවට විරුද්ධව අභියාචනා ඉදිරිපත් කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර විවිධ අපරාධ සම්බන්ධයෙන් මේ වන විට ජිවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින පුද්ගලයින් සංඛ්‍යාව 662ක් බව පවසන එම වාර්තාව ඉන් 128 දෙනෙකු ඒ තීන්දුවලට විරුද්ධව අභියාචනා ඉදිරිපත් කර ඇතැයිද සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd