(මොහොමඩ් ආසික්)
අකුරණ රෝහල සංවර්ධනය කිරීම සඳහා මධ්‍යම පළාතේ සෞඛ්‍ය අංශ සහාය නොදක්වන බව තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා කීය.
අද (02) වැනිදා අකුරණ රෝහල සඳහා රුපියල් මිලියන 43 ක වියදමින් ඉදි කරනු ලැබූ නව ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව කීය.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය හලීම් මහතා මෙසේද කීය.
දැනට මාස කිහිපයකට පෙර සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම රෝහලට පැමිණි අවස්ථාවේ රෝහලට පවතින් අවශ්‍යතා පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙස පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂතුමාට කිව්වා නමුත් ඊයේ වන තුරුම එම වාර්තාව යවා තිබුණේ නෑ.
මම ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට කතා කළා. නමුත් වාර්තාව නොලැබුණ බව කිව්වා.පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයට කතා කළ විට වාර්තාව යැව්ව බවක් කිව්වා. නමුත් මට පිටපතක් ලබා දෙන ලෙස ඉල්ලුවත් ලැබුණේ නෑ.
මම සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් අවුරුදු 10 ක් මධ්‍යම පළාතේ කටයුතු කර තිබෙනවා. ඒ කාලයේ අපි මේ පළාතේ සෞඛ්‍ය සේවය දියුණු කරන්න, නව රෝහල් ගොඩනැගිලි සෞඛ්‍ය මධ්‍යස්ථාන පිහිටවන්න කටයුතු කළ ආකාරය සොයා බලන ලෙස මම ඉල්ලා සිටිනවා.
වර්තමානයේ අකුරණ රෝහල සංවර්ධනය කිරීමේදී පළාත් සෞඛ්‍ය අංශ මේ විදිහට මන්දගාමීව කටයුතු කරන හේතුව තමන්ට නොතේරන බවද මෙම රෝහල ඒ 09 මාර්ගයේ පිහිටා ඇති සිංහල දෙමළ මුස්ලිම් විශාල පිරිසක් දිනපතා සේවය ලබාගන්නා ප්‍රධාන රෝහලක් බවද අමාත්‍යවරයා මෙහිදී කීය.
2025 දෙසැම්බර් මස 04
532
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
481
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
420
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මධ්‍යම පළාත් සෞඛ්‍ය අංශවලට තැපැල් ඇමතිගෙන් චෝදනාවක්