IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


මධ්‍යම පළාතේ ශිෂ්‍යත්වය තහනම් කරන බව ආණ්ඩුකාරවරයා කියයි

(කාංචන කුමාර ආරියදාස)
 
 
මධ්‍යම පළාත තුළ ඉදිරියේ දී 5 වසර ශිෂ්‍යත්ව විභාගය තහනම් කර  දැමීමට කටයුතු කරන බවත් පාසල්වල දරුවන් 100 ට අඩුවෙන් පවත්වා ගෙන යන විදුහල්පතිවරුන්ට  ස්ථානමාරු ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පැවැසීය.

මධ්‍යම පළාත තුළ පවතින ගුරු සහ පාසල් අර්බුදකාරී තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා මෙසේ පැවසීය.

මාස දෙකක් ඇතුළත පාසල්වල ගැටළු පිළිබඳව සොයා බලා පාසලක සිසු සිසුවියන් 100 ට වඩා අඩු වන්නේ නම් එම විදුහල්පතිවරුන්ට කිසිදු සමාවකින් තොරව ස්ථානමාරු  ක්‍රියාත්මක කරන බවත් පාසල්වල දරුවන් ඇතුළත් කර ගැනීමේ වර්ධනයක් ඇතිකර ගන්නා පාසල්වල විදුහල්පතිවරුන්ට එම පාසල්වලම රැඳී සිටීමට අවශ්‍ය පියවර ගන්නා බව සඳහන් කළේය.

එමෙන්ම ඉදිරියේදී දෙමව්පියන්ට සහ සිසු සිසුවියන්ට  කරදරයක් බවට පත්ව ඇති පහ වසර ශිශ්‍යත්ව විභාගය මධ්‍යම පළාතේ තහනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් එහි අත් හැදීමක් ලෙස නගරාන්තර පාසල්වල  ශිෂ්‍යත්ව විභාග නොපවත්වා ඊට ආදේශ ඉංග්‍රීසි භාෂාව  කතාකරන, ප්‍රගුණ කරන විභාගයක් පැවැත්වීමට පියවර ගන්නා බව හෙතෙම සඳහන් කළේය.

5 වසර ශිෂ්‍යත්වය තේරුමක් නොමැති විභාගයක් බවත් එයින් ළමයි පරාජිතයන් බවට පත්වන බවද ඇතැම් දරුවන් අදක්ෂයන් බවට පත්වෙන බවත් හෙතෙම සඳහන් කළේය.



අදහස් (2)

මධ්‍යම පළාතේ ශිෂ්‍යත්වය තහනම් කරන බව ආණ්ඩුකාරවරයා කියයි

දිමුත් Wednesday, 06 March 2019 12:22 PM

එහෙම කරන්න මෙයාට තියෙන අයිතිය මොකක්ද? මෙයා ජනතා නියෝජිතයෙක්ද?

:       5       16

dharmasena Friday, 08 March 2019 10:39 AM

එයාග‍ෙ ළමයි විභාග‍ෙ ලියලා ඉවරයින‍ෙ

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 261 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 400 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 387 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site