(මොහොමඩ් ආසික්)
මධ්‍යම පළාත තුළ පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් පළාතේ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස දෙකකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නිකුත් කර ඇති නායයෑමේ අවදානම් නිවේදනය හෙට (28) වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (27) පස්වරුවේ නිකුත් කර ඇති එම නිවේදනයට අනුව, මහනුවර දිස්ත්‍රික්කයට අයත් ගඟඉහළ කෝරළය ,සහ නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් අඹගමුවකෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙක සඳහා මෙම නිවේදනය නිකුත් කරනු ලැබ තිබේ.
මෙයින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව කෝරළය සඳහා නිකුත් කර ඇත්තේ දෙවන අදයරේ අවදානමින් සිටීමේ නිවේදනයයි.
මෙම ප්‍රාදේශීයලේකම් කොට්ඨාසවල පදිංචි පුද්ගලයින් ගල් පෙරළීම් බෑවුම් කඩා වැටීම්, පොළොව ගිලා බැසීම්, පස් කණ්ඩි කඩා වැටීම් සම්බන්ධයෙන් අවදානයෙන් සිටිය යුතු බවත් පූර්ව නායයෑමේ අවදානම් ඇති ප්‍රදේශ ලෙස හඳුනා ගෙන ඇති ප්‍රදේශවල ජීවත්වන පිරිස්ද වඩාත් අවදානයෙන් සිටිය යුතු බවත් ජාතික ගොඩනැගිල් පර්යේෂණ සංවිධානය කියයි.
දෙවන අදියරේ අවදානම් නිවේදනය නිකුත් කර ඇති ප්‍රදේශයේ ජනතාව නායයෑම සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිට අවශ්‍ය වුවහොත් ආරක්ෂාකාරී ස්ථානයටක යාමට සූදානම් වන ලෙසත් ඉල්ලා සිටියි.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මධ්‍යම පළාතේ ප්‍රා.ලේ. කොට්ඨාස දෙකක නාය අවදානම් නිවේදනය දීර්ඝ කරයි