(මොහොමඩ් ආසික්)
මධ්‍යම පළාත තුළ කොරෝනා වයිරසය නීසා පීඩාවට පත්ව සිටින පාරම්පරික හස්ත කර්මාන්ත ශිල්පීන්ට , අත්යන්ත්‍ර පේෂකර්මාන්ත ශිල්පීන්ට, කලා ශිල්පීන්ට සහන සැලසීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය පියවර ගනු ලැබ තිබේ.
මෙම සහනයන් ලබා දීම සම්බන්ධයෙන් කරණු ඇතුළත් ලිපිය මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය මගින් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කර ඇත.
අත්‍යවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව සැපයීම මෙහෙයවීම, සම්බන්ධීකරණය හා පසු විපරම සඳහා වූ ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් පසුව ලබා දුන් උපදෙස් අනුව මෙම තීරණය ගත් බව පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා කීය.
මේ සඳහා අදාළ ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී මධ්‍යම පළාතේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කලා ශිල්පීන්, මධ්‍යම පළාතේ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි හස්ත කර්මාන්ත ශිල්පීන්, පළාත් පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පේෂකර්මාන්ත ශිල්පීන් මේ අනුව ප්‍රතිලාභින් ලෙස සලකන ලෙස මෙම ලිපිය මගින් ඉල්ලා තිබේ.
2025 දෙසැම්බර් මස 18
118
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මධ්‍යම පළාතේ කලාකරුවන්ට - කර්මාන්ත ශිල්පීන්ට - සහන සලසන්න පියවර
indika aruna kumara Wednesday, 08 April 2020 11:56 AM
මධ්‍යම පළාතේ මාධ්‍යෙවේදින් ගැනත් අවධානය යොමුවේවා!