IMG-LOGO

මැදිරිගිරියේ ගැබිණි මව්වරු පාරට බසිති


චාපා මධුභාෂිණී
 
මැදිරිගිරිය මූලික රෝහලට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙක් ලබාදෙන ලෙසට බල කරමින් ගැබිණි මව්වරු 15ක් පමණ අද (8) උදෑසන මැදිරිගිරිය කළගෙඩි පාලම අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වූහ.

පැය භාගයක පමණ කාලයක් මාර්ගය අවහිර කරමින් ගැබිණි මව්වරුන් කළ විරෝධතාවය නිසා මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා ඇති විය.

උද්ඝෝෂණයේ නිරතවූ ගැබිණි මව්වරුන් පැවසුවේ මැදිරිගිරිය මූලික රෝහලට පැමිණි ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍යවරුන් එක් මාසයක් පමණ සේවය කර නැවත ස්ථාන මාරුවීම් ගෙන වෙනත් රෝහල්වලට යන බවයි.

දැනට මැදිරිගිරිය බල ප්‍රදේශයේ සිටින ගැබිණි මව්වරුන් 400 පමණ සිටින බවත් මෙම මව්වරුන්ට විශේෂඥ වෛද්‍යවරයකු හමුවී සේවාවන් ලබා ගැනීම සඳහා කිලෝමීටර 35 පමණ දුර ගෙවා පොලොන්නරුව මහ රෝහලට යාමට සිදුව ඇත.

දරු ප්‍රසූතියට ආසන්නව සිටින මවක් මෙපමණ දුරක් ගෙවා පොලොන්නරුව මහ රෝහල වෙත යාමේදී එම මවට සහ දරුවාට අවදානමක් ඇති බවට ඔවුහු චෝදනා කළහ.

 



අදහස් (0)

මැදිරිගිරියේ ගැබිණි මව්වරු පාරට බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 28 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 604 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site