(ඉන්දික අරුණ කුමාර)
මාතලේ දිස්ත‍්‍රික්කයේ මේ දිනවල ගම්මිරිස් මිල සීඝ‍්‍ර ලෙස පහත බැසීම හේතුවෙන් වගාකරුවෝ දුෂ්කතාවයට පත්ව සිටිති.
පසුගිය කන්නයේ රුපියල් 290 සිට 300 දක්වා මිලකට අලවී වූ අමු ගම්මිරිස් මෙවර රුපියල් 175 ක් වැනි මිලකට අලවි වන බව නාඋල ගම්මිරිස් ගොවියෝ පවසති.
පැවැති නියං තත්ත්වය හේතුවෙන් බාලපොරොත්තු වූ අස්වැන්නක් තමන්ට නොලැබුණු බවත් මිල අඩුවීම හරහා තවදුරටත් තමන් දුෂ්කරතාවයට පත්වු බවත් ඔවුහු කියති.
COMMENTS
ඉතින් මොනවා කරන්නද ඉල්ලුමේ හැටියට තමා මිල නියම වෙන්නේ , හැමදාම තැලෙන්නේ පාරිභෝගික අපි , හැමෝම ගම්මිරිස් වවන්නේ නැතුව වෙන භෝගයක් වගා කරන්න .
ගම්මිරිස් කඩන කාලෙට පිටරටින් ගම්මිරිස් ගෙනල්ල මිල අඩු කළා. දැන් මිනිස්සු අඩු ගානට ගම්මිරිස් විකුනනවා තොග වෙළඳුන්ට තව ටික කාලෙකින් එම ගම්මිරිස්ම දෙගුණයක් තුන්ගුණයක් විතර වැඩියෙන් විකුනනවා. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි. සතොසට බඩු සපයන ආයතන ගැන හෙව්වොත් තව දේවල් හොයාගන්න පුළුවන්
මෙම දෙපාර්තමේන්තුව භාර ඇමතිවරයා කියල තිබුන පිටරටින් ගම්මිරිස් ගෙනල්ල ප්‍රතිඅපනයනයෙන් වාසි වෙනවා කියල එයින්ම පෙනෙනවා කව්ද මේවා කරන්නේ කියල අපිටත් ගම්මිරිස් පැල 30 බැගින් දෙනවා කියල පාසලකට එන්න කියල බිම එකක් සමග බනිස් ගෙඩියක් දීලා ගියා ගියා ගියාමයි දුන්න කිව්ව මුදලුත් නැහැ ගම්මිරිස් පැලත් නැහැ
සතොස තමයි හේතුව