බිඟුන් මේනක ගමගේ
මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවල නියුතු චීන සමාගම අසාධුලේඛන ගත කරන්නැයි ඉල්ලමින් සමස්ත ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමය ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කර ඇත.
රුපියල් මිලියන 41730 කට අධික වියදමක් කරමින්, චීන ජාතික යන්ත්‍රෝපකරණ ආනයන හා අපනයන සමාගම මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ඉදිකිරීමේ කටයුතු 2013 අගෝස්තු මාසයේදී ආරම්භ කළ බවත් 2016 අගෝස්තු මාසය වන විට මෙම ව්‍යාපෘතියේ කටයුතු අවසන්කර දුම්රිය දෙපාර්තමේන්තුවට භාර දිය යුතු බවත් එම ලිපියේ සඳහන් වේ.
එහෙත් අදාල සමාගම නියමිත කාලයේදී වැඩ අවසන් කිරීමට අපොහොසත් වූ බවත් එම අවස්ථාවේදී ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය මැදිහත්වී එම ව්‍යාපෘතියේ කාලය 2017 සැප්තැම්බර් මාසය දක්වා දීර්ඝ කිරීම නිසා එම සමාගමෙන් අයකර ගත යුතු ප‍්‍රමාදගාස්තු අයකර ගැනීමට නොහැකි වූ බවත් එම සංගමය පවසයි.
2018 වසර අවසන් වන තුරුත් මෙම ව්‍යාපෘතියේ කටයුතු අවසන් කිරීමට නොහැකි වී ඇත්තේ දුම්රිය මාර්ග ඉදිකිරීමට මෙම සමාගමේ අති අපොහොසත්කම නිසා බවත් ඒ අනුව මෙම සමාගම අසාධු ලේඛන ගත කළ යුතු බවත් ඔවුහු අවධාරණය කරති.
තත්වය එසේ තිබියදී දුම්රිය දෙපාර්තමේන්තුව සතු සක‍්‍රීය මට්ටමේ පවතින එකම ටැම්පිං යන්ත‍්‍රය මෙම සමාගමට ලබාදීමට ප‍්‍රවාහන අමාත්‍යාංශය කටයුතු කිරීමෙන් අදාල සමාගමෙන් අයකර ගතයුතු රුපියල් කෝටි ගණනක ප‍්‍රමාදගාස්තු (Demurrage) ශ‍්‍රී ලංකා රජයට අහිමිවී ඇතැයි සමස්ත ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමය පවසයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මාතර-බෙලිඅත්ත දුම්රියමග ඉදිකරන සමාගම අසාදුලේඛන ගත කරන්නලු