(නිශාන්ත කුමාර)
පිටමාරුව පස්සර ප්‍රධාන මාර්ගයේ මඩොල්සිම පොලිස් වසමට අයත් බටවත්ත ප්‍රදේශයේ පස් කන්දක් මාර්ගය වෙත කඩා වැටීමෙන් අද (22) උදෑසන සිට පස්සර පිටමාරුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු මුළුමනින්මම අඩාල වී ඇතැයි මඩොල්සිම පොලිසිය පවසයි.
පස් කන්ද කඩා වැටීම හේතුවෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැති අතර ප්‍රදේශයේ තේ දළු ප්‍රවාහනය, බස් ගමනාගමනය ඇතුළු සියලු ප්‍රවාහන සේවාවන් ඇනහිට තිබේ .
කඩාවැටුණු පස් කන්ද ඉවත් කිරීම සම්බන්ධයෙන් ලුණුගල ප්‍රාදේශීය සභාව වෙත දැනුම් දී ඇති අතර අද (22) දහවල් වනවිට පස්කඳ ඉවත්කර මාර්ගය යථා තත්ත්වයට පියවර ගැනීමට හැකිවනු ඇතැයි පොලිසිය සඳහන් කරයි .

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.