(ටී. එල්. ජවුෆර්කාන්)
මඩකලපුව මහා නගර සභා බල ප්‍රදේශයේ කල්ලඩි - උප්පෝඩයි මාර්ගය ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීහු අද(01) උද්ඝෝෂණයක නිරතවූහ.
දීර්ඝ කාලයක් ප්‍රතිසංස්කරණය නොකරන ලද මෙම මාර්ගයේ ගමන් කිරීමට නොහැකි තත්වයට පත්ව ඇති බවට ජනතාව පැවසූහ
දැඩි වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ යටවී ඇති බවද, මාර්ගයේ ගමන් කළ නොහැකි බැවින් සිසුන් සපත්තු ගලවා අපහසුතාවයෙන් එහි ගමන්කරන බවද ඔවුහු කීහ.
මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන මෙන් මඩකලපුව මහා නගර සභාවේ නගරාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔවුහු පැවසූහ.




COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.