(ටී. එම්. ජවුෆර්කාන්)
මඩකලපුව දිස්ත්‍රික්කයට ඇද හැලුණු වරුසාව හේතුවෙන් කාත්තාන්කුඩි හා මඩකලපුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් 83 ක 297 දෙනෙකු අවතැන්වී ඇතැයි දිස්ත්‍රික්ක මහා ලේකම් මානික්කම් උදයකුමාර් පවසයි.
නව කාත්තාන්කුඩි බදුරියා පාසලේ කඳවුරේ අවතැන් පවුල් 46 කින් 150 දෙනෙකු රැඳී සිටින අතර, වැඩි පිරිසක් ඥාති නිවෙස්වල ලැඟුම් ගෙන සිටිති.
මඩකලපුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ අවතැන්වූ ජනතාව නාවට්කුඩා පාසලේ නවාතැන් ගෙන සිටිති.
ආපදාවට ලක්වූ පිරිසට සහන සේවා කටයුතු සැපයීමට ග්‍රාම නිලධාරීවරු පියවර ගනිමින් සිටිති.

;


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd