(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මීගොඩ ළමා හා මාතෘ සායන ගොඩනැගිල්ල ඉදිරිපිටදී ප්‍රදේශවාසීහු කාන්තාවෝ අද(27) විරෝධතාවයක නිරත වූහ.
වසර 50කට වඩා පැරණි මීගොඩ මාතෘ හා ළමා සායන ගොඩනැගිල්ල අබලන්ව පැවතීම හේතුවෙන් එහි දෛනික කටයුතුවලට බාධා එල්ල වී ඇති බැවින් හෝමාගම ප්‍රාදේශීය සභාව මැදිහත් වී හැකි ඉක්මනින් පහසුකම් සහිත නව ගොඩනැගිල්ලක් ලබාදෙන්නැයි ඉල්ලා ඔවුහු විරෝධතාව පැවැත්වූහ.
මීගොඩ උතුර, මීගොඩ දකුණ, වටරැක, වටරැක උතුර සහ පානළුව යන ග්‍රාම සේවා වසම්වල පදිංචිකරුවන්ට ළමා හා මාතෘ සායන පහසුකම් ලබාගැනීමට ඇති එකම ස්ථානය මෙය බවත්, එහි ඉඩකඩ ප්‍රමාණවත් නොවන බවත්, පානීය ජලය අපිරිසිදු බවත් ඔවුහු පැවසූහ.
ගොඩනැගිල්ලේ වහලය දිරාපත්වීම නිසා අවදානම් තත්ත්වයක් මතුව ඇති බවත් ඔවුහු කීහ.


2025 දෙසැම්බර් මස 16
43
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
607
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මීගොඩ කාන්තාවෝ වීදි බසිති