(ප්‍රින්ස් රත්නායක)
බළන්ගොඩ ප්‍රාදේශීය ලේකම්වරයාව සිටි චම්පික නිරෝෂ් ධර්මපාල මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මාරුකර යවා ඇතැයි වාර්තාවේ.
පැල්මඩුල්ල ප්‍රදේශයේ ඇතිව ඇති ආපදා තත්වය හේතුවෙන් බළන්ගොඩ ක්‍රියාකාරී නිලධාරියෙකුව සිටි චම්පික නිරෝෂ් මහතාට සේවා අවශ්‍යතා මත රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් මෙම මාරුවීම ලබාදී ඇති බව කියති.
කෙසේ වෙතත් අද(2) දහවල් කෑම පැයේ දී එම සේවකයින් හා ප්‍රදේශවාසීන් එක්ව ලේකම්වරයා මාරු නොකරන්නැයි ඉල්ලමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වුවද ලේකම්වරයාගේ දැඩි විරෝධය මත එය අවලංගු කිරීමට සංවිධායකයින් පියවර ගෙන ඇත.
COMMENTS
බලන්ගොඩ ජනතාවගේ අවාසනාව පැල්මඩුල්ල ජනතාවගේ වාසනාව.. නිලධාරීත්වයෙන් මිදුණු මනුස්සකම් ඇති අපේ කාලයේ මහත්මයෙක්.
කුහක දේශපාලන පලිගැනීම්. ක්‍රියාකාරී නිලධාරියෙකු බලංගොඩට අහිමි වුණා.
මේ වගේ මිනිස්සු තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ..
අපෙගේ හදවත් දිනූ ඉතා හොඳ වචනයෙන් පරිසමාප්ත නියම ශ්‍රී ලාංකිකයෙකි . බලන්ගොඩ හැර යාම ඉතා වේදනාකාරීයි .
කැලේ මාරු වුනාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැති බව මුල් පුටු වල ඉන්න අය දන්නේ නැද්ද?
ඉතින් දෙයියනේ බලන්ගොඩ පැල්මඩුල්ල දෙකම තියෙන්නේ එකටනේ. ඕක ඔච්ච්ච්ර දෙයක්ද?
අපේ සර් අපේ ගමට එනවද? නියමයි...